Dhamma

“බුදු සසුන වෙත පැමිණීමෙන් මට සිදු වූයේ යහපතක්මැ යි. මේ පැමිණීම අයහපත් දෙයක් නම් නොවේ. මං මේ පවසන්නේ වැරදි දෙයක් නම් නෙවේ. ඉතා පැහැදිලි ලෙස කරුණු පෙන්වා දෙන සද්ධර්මය තුල යම් උතුම් වූ අමා නිවනක් වේ නම් මම පත් වුනේ ඒ උතුම් නිවනටයි.”
පිළින්දිවච්ඡ තෙරුන්ගේ ගාථාව (ථේර ථේරී ගථා)


පුජ්‍ය පාද උඩුවේ ධම්මාලෝක හිමියන් බෞද්ධයා නාලිකාව ඔස්සේ සිදු කල දර්ම දේශනාව – 2018.11.28 දින දී


අති පූජනීය උඩුවේ ධම්මාලෝක නාහිමිපාණන් වහන්සේ සමග තරුණයා නාලිකාව සිදු කල කාලීන සාකච්ඡාව 2018.12.04 දින දී



පුජ්‍යපාද උඩුවේ ධම්මාලෝක හිමිපාණෝ -සුමධුර සදහම් දේශනාව. 2018.10.30 දින දී









Download MP3 Here




































2018-03-02 (සිකුරාදා) දේශනාව – සිරි ඇලන් මැතිනියාරාම පුරාණ විහාරයේ සිට















ලන්ඩන්බෝධි පූජා පින්කම





ත්‍රි ලක්ෂණය සැමට පොදුයි

පින්වතුනි, මේ ලෝකයේ අපට මනුෂ්‍යයෙකු ලෙස තනියෙන් ජීවත් වෙන්න බෑ, සම්මුතිය තුළ. පරමාර්ථ සත්‍ය අවබෝධ වූ විට තනියෙන් ජීවත් වෙන්න පුළුවන්. බාධාවක් නෑ. එය ඉතා සරළ දෙයක් වෙනවා. පහසු දෙයක් වෙනවා. නමුත් මේ සම්මුති ලෝකය තුළ අපි කාටවත් තනියෙන් ජීවත් වෙන්න බෑ. ඇතැමුන් කියනවානේ “මට තනියෙන් වැඩ කරගන්න පුළුවන්. මං ගැන බලන්න කවුරුවත් අවශ්‍ය නෑ. මගේ පාඩුවේ මම ඉන්නම්” . බොහෝ පුද්ගලයින් මෙලෙස පවසන්නේ පුරසාරමටයි. අනිත් අය අවශ්‍ය බව දන්නවා. ඒත් කවුරුවත් ඕන නෑ කියා කියනවා. පින්වතුනි, මේ සම්මුතිය තුළ කාටවත් හුදකලාව ජීවත් වෙන්න පුළුවන්කමක් නෑ. ඇයි හුදෙකලාව ජීවත් වෙන්න බැරි? පින්වතුනි, හුදෙකලාව ජීවත් වෙන්න බැරි මේ ලෝකය අනිත්‍ය නිසා.  මේ ලෝකය අනාත්ම නිසා. දුක් නිසා. අනිත්‍ය වූ, දුක්වූ, අනාත්ම වූ, මේ ලෝකයේ කාටවත් තනියෙන් පැවැත්මක් නෑ. අනිත්‍ය වූ ලෝකය තුළ ම‍ාගේ මේ ශරීරයට මොන දේ වේ දැයි කාටද කියන්න පුළුවන්? අනිත්‍ය වූ ලෝකය තුළ මට මොන විදියේ කරදර වේදැයි කාටද කියන්න පුළුවන්? අනිත්‍ය වු ලෝකයේ සිතන දේට වඩා නොසිතන දේ සිදුවේ. ‘අචින්ති කම්පි භවති චින්ති කම්පි චින්ති කම්පි විනස්සති’ මෙවැනි ලෝකයක මා කොහොමද තනිව ජීවත් වෙන්නේ? සියල්ල වෙනස්වන ලෝකය තුළ මා කවුරුන් ගැනද විශ්වාස කරන්නේ? මා විශ්වාස කරන්නේ මාගේ දෑත ගැනද? මා විශ්වාස කරන්නේ මාගේ ශරීරය ගැනද? මා විශ්වාස කරන්නේ මාගේ චිත්ත ශක්තිය ගැනද? පින්වතුනි, මේ ශරීරය තරම් අවිනිශ්චිත, මේ ශරීරය තරම් විශ්වාස කළ නොහැකි දෙයක් තවත් ලෝකයේ තියෙනවාද? මේ ශරීරය තරම් අපට එරෙහි වන දෙයක් ලෝකයේ තියෙනවාද? මේ ශරීරය තරම් අපව දුර්වල කරන දෙයක් ලෝකයේ තවත් තියෙනවාද? අපි කොහොමද මේ ශරීරය ගැන බලාපොරොත්තු තියාගන්නේ? ඔබට පුළුවන්ද එහෙම බලාපොරොත්තුවක් තියාගන්න? බැහැ නේද? පින්වතුනි, මේ ශරීරයේ අතීතය දිහා හැරිලා බැලුවම තේරෙනවා කිසිම විශ්වාසයක් තියාගන්න බැරි බව. අතීතයේ මේ ශරීරය කවදාවත් එකම විදියට තිබුණේ නැහැ. මව්කුසේ හැදුණු වැඩුණු අපි මෙලොව එළිය දුටුවා. එදා සිට අද වන තෙක් එක අවුරුද්දක් තිබුණද මේ ශරීරය වෙනස් නොවුණු? වසරින් වසර මේ ශරීරය කොතරම් වෙනස් වෙලාද? ඒ වෙනස් වීම යම් කලෙක සැපතට වෙන්නත් පුළුවන්. නමුත් ඒ සැප සඳහා වූ වෙනස් වීමම දුකක් වෙන්නේ නැද්ද? ඇතැමුන් තරුණ කාලේ ශරීර ශක්තිය, ශරීරයේ පෙනුම ගැන සිතා ආඩම්බර වෙනවා. හැබැයි බලන් ඉඳිද්දි ඒ ආඩම්බරකම නැතුව යනවා. ඒ කියන්නේ ශරීර ශක්තියත්, පෙනුමත් වෙනස් වෙන විට ආඩම්බරකම් අවසන් වෙනවා.

 

(ජාතිපි දුක්ඛා) ඉපදීම දුක ගෙන දෙනවා. මොහොතක් පාසා ජරා වෙනවා (ජරාපි දුක්ඛා). මොහොතක් පාසා වයසට යනවා (ව්‍යාධිපි දුක්ඛෝ). මෙන්න මේ වෙනස්වීම ඉදිරියේ අපට තනියෙන් ජීවත් වෙන්න බෑ. ඒනිසා අපට අනිත් අයගේ උදව් උපකාර අවශ්‍යයි. අපිට අවශ්‍යයි සමාජයක්. අපි මේ දක්වා ශරීරය පවත්වාගෙන ආවේ අපේ අම්මා තාත්තාගේ උපකාර ඇතිව. සහෝදර සහෝදරියන්ගේ උපකාර ඇතිව. නෑදෑ හිතවතුන්ගේ සහයෝගය ඇතිව. බිරිඳගේ උදව් ඇතිව. ස්වාමියාගේ උදව් ඇතිව. ඒ සියලු දෙනාගේ සහයෝගය නොවන්නට මේ ලෝකය තුළ කාටවත් පැවැත්මක් නෑ.

 

පින්වතුනි, බුදුරජාණන්වහන්සේ පවා දේශනා කළ දෙයක් තමයි, තමන් වහන්සේ පාරමී පුරණ කාලයේ උදව් උපකාර කළ පුද්ගලයන් සිටි බව. තමන් වහන්සේට එලෙස පාරමී පුරන්න කිසිවෙක් උදව් නොකළේ නම් ලෙහෙසි වෙන්නේ නැහැ. ඒ පාරමී පුරන්න උන්වහන්සේ බුදුබවට පත්වෙලා දහම් දේශනා කරද්දී දස දහස් ගණන් ලක්ෂ ගණන් සැදැහැතියන් උන්වහන්සේ කෙරෙහි අප්‍රමාණ පැහැදීමෙන් සිටියා. ඒ අයගේ සහයෝගය නොවන්නට උන්වහන්සේගේ එදිනෙදා කටයුතු, දින වර්යාව කරගෙන යන්න පහසු වෙන්නේ නැහැ. එසේ නම්, අපි වගේ අය ගැන කවර කතාද? බුදුරජාණන්වහන්සේටත් එහෙම නම්, ඒ යථාර්ථය හැමෝටම එහෙමමයි. ඒනිසා පින්වතුනි, අපි ජීවත් වන මේ කාලය තුළ අනික් අය හා සාමූහිකව අපේ ජීවිත පවත්වාගෙන යන්න උත්සාහ කරමු. ඒ සාමූහික බව අප තුළ ඇති කරන දහම් නුවණ ඇති කරගමු. ඒ සඳහා අන් අයට උදව් කරමු, අත දෙමු. එය සංග්‍රහයක්. බුදුරජාණන්වහන්සේ සංගහවත්ථු සූත්‍රයේදී දේශනා කළෙත් එයයි. එනිසා මේ බක් මාසයේ උණුසුම දැනෙන කාලයේ අපි එකිනෙකාට උදව් කරමු. අනිකාගේ හිත නොරිදවන්නට කල්පනා කරමු. අනික‍ාට හිංසාවක් නොවන අයුරින් හැසිරෙමු. අනිකාට මා බාධාවක් නොවන්නට,  අනිකාට මා ප්‍රයෝජනයක් වන්නට හේතු වන ලෙස අපි හැමෝම අපේ ජීවිත සකස් කරගන්න ඕන.

 

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ

 

පූජ්‍ය කහගොල්ලේ සෝමවංශ හිමියන්ගේ ධර්ම දේශනාව

අති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි විසින් දකුණු කොරියාවේ දී පැවැත්වූ ධර්ම දේශනාව

අති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි විසින් කැලණිය තල්වත්තේ දී පැවැත්වූ ධර්ම දේශනාව – 1 කොටස

අති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි විසින් කැලණිය තල්වත්තේ දී පැවැත්වූ ධර්ම දේශනාව – 2 කොටස

අති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි විසින් කැලණිය තල්වත්තේ දී පැවැත්වූ ධර්ම දේශනාව – 3 කොටස

කරණීය මෙත්ත සූත්‍රය

අති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි විසින් 2016 දෙසැම්බර් මස 11 වෙනි දින ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර බෞද්ධ විහාරයේ දී පැවැත්වූ ධර්මදේශනාව.

මාන්කඩවල රාහුල හිමි – ධර්ම දේශනාව – 1 කොටස

මාන්කඩවල රාහුල හිමි – ධර්ම දේශනාව – 2 කොටස

මාන්කඩවල රාහුල හිමි – ධර්ම දේශනාව – 3 කොටස

මාන්කඩවල රාහුල හිමි – ධර්ම දේශනාව – 4 කොටස

මාන්කඩවල රාහුල හිමි – ධර්ම දේශනාව – 5 කොටස

මාන්කඩවල සුදස්සන හිමි – ධර්ම දේශනාව – 1 කොටස

මාන්කඩවල සුදස්සන හිමි – ධර්ම දේශනාව – 2 කොටස

මාන්කඩවල සුදස්සන හිමි – ධර්ම දේශනාව – 3 කොටස

මාන්කඩවල සුදස්සන හිමි – ධර්ම දේශනාව – 4 කොටස

මාන්කඩවල සුදස්සන හිමි – ධර්ම දේශනාව – 5 කොටස

පසුගිය බණ වැඩසටහන් – වීඩියෝ – 1

පසුගිය බණ වැඩසටහන් – වීඩියෝ – 2

පසුගිය බණ වැඩසටහන් – වීඩියෝ – 3

පසුගිය බණ වැඩසටහන් – වීඩියෝ – 4

පසුගිය බණ වැඩසටහන් – වීඩියෝ – 5

පසුගිය බණ වැඩසටහන් ( පහතින් බාගත කරගන්න )
1. බණ වැඩසටහන් අංක (28/08/2015) ���ංක 1 – mp3

2. බණ වැඩසටහන් අංක (28/08/2015) අංක 2 – mp3

3. බණ වැඩසටහන් අංක 1 – mp3

4. බණ වැඩසටහන් අංක 2 – mp3